V01_.png
V02.png
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 ''ගුණ නැණ සුව පිරි දරු පිරිසක් , පරමාදර්ශී පාසලක්''

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස කලාපයේ වැලිපිටිය කොට්ඨාසයේ උඩුකාව ග්‍රාමයේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 1 සිට 11 ශ්‍රේණිය දක්වා අධයාපනය  ලබා දෙන අප පාසල ඉතා අවම පහසුකම් යටතේ උසස් අධ්‍යාපන මට්ටමක් සිසුන් වෙත ලබා දීමට යත්න දරන පාසලකි. 

Read More

 

පාසලේ මෙහෙවර

 

ආචාර ධර්ම හා සාරධර්ම ප්‍රවර්ධනය කරමින් ජාතික අධ්‍යාපන අරමුණු හා මූලික නිපුණතා සාධනය වන සේ පංචවිධ භාෂා කුසලතා හා යාවත්කාලීන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඉහළ ගුණාත්මක මට්ටමක පවත්වා ගනිමින් ස්වයං චින්තනය හා පරිකල්පන හැකියා නිර්මාණාත්මකව සංවර්ධනය කරගනිමින් කායික මානසික හා පාරිසරික සුවතාව ඇති කරමින් මානව භෞතික හා කාල සම්පත් සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීම හා නියාමනය කිරීම

Notice Board

පාසල් සංවර්ධන සමිති මහා සභා රැස්වීම

Udukawa KV