• (+94) 0718194457
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Udukawa K.V.

උඩුකාව කනිෂ්ඨ විද්‍යාලය

Akuressa Zone

  • Register
  • Login
Udukawa K.V.

උඩුකාව කනිෂ්ඨ විද්‍යාලය

Akuressa Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • School Map
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • අධ්‍යයන කාර්යමණ්ඩලය
    • විදුහල්පති
    • නියෝජ්‍ය විදුහල්පති
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
    • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
    • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

උඩුකාව කනිෂ්ඨ විද්‍යාලය

 

 

කිසියම් රටක  වැඩ ලෝකයට ගැලපෙන පුරවැසියන් නිර්මාණය කිරීමට බලපාන සාධක අතරින් මූලික වන්නේ අධ්‍යාපනයයි. එබැවින් විධිමත් අධ්‍යාපන ක්‍රියාවලියක් තුළින් ඵලදායීතාවය හා කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට සැලසුම් සහගත ක්‍රියාවලියක් වසරින් වසර අනවරතයෙන් ක්‍රියාත්මක විය යුතුය. දශක පහකට ආසන්න කාලයක් තුළ විදුහල්පතිවරු හත් දෙනෙකුගේ පාලනය යටතේ දැඩි කැපවීමකින් යුතුව ක්‍රියා කරන ආචාර්ය මණ්ඩලයක් මගින් පසුගිය වසර කිහිපයක අ.පො.ස. සා/පෙළ විභාගය ජාතික මට්ටම ඉක්මවා ප්‍රතිඵල ලබා ගැනීමට සමත් වී ඇති බව සිහිපත් කරන්නේ හද පිරි සතුටිනි. දිළිදු ග්‍රාමීය පවුල් පරිසරයක ජීවත් වන සිසු දරු දැරියන් කඩින් කඩ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ සාමාර්ථ ලබා ඇති අතර 2020 වර්ෂයේද දියණියක් හා පුතණුවෙක් කඩයිම් ලකුණු අභිබවා යමින් විජයග්‍රණය කරා යොමු වීම යොමු වීම පාසලට ඉමහත් ආඩම්බරයකි.2020 හා 2021 වර්ෂ වල අ.පො.ස සා/පෙළ  විභාගයෙන් 100% ක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මාගේ ආචාර්ය මණ්ඩලය පාසල් කාලය තුළ මෙන්ම ඉන් බාහිරවද ස්වකීය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙහි දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී ඉතා උනන්දුවෙන් නිරත වෙයි.කොරෝනා වසංගතය හේතුවෙන් පාසල වසා තිබුණද නවීන තාක්ෂණය හරහා ශිෂ්‍යයන්ගේ විෂය දැනුම අඛණ්ඩව වර්ධනය කර ගැනීම සඳහා ස්වකීය කාලය, ධනය හා ශ්‍රමය  කැප කිරීම ඉතා අගනේය.

 

වැලිපිටිය අධ්‍යාපන කොට්ඨාශයේ  පාසල් අතර විශිෂ්ට කීර්ති නාමයක් ලබා ගැනීමට යත්න දරන විවිධ පාර්ශවකරුවන් අතර ,දක්ෂතා සපිරි ආචාර්ය මණ්ඩලයක් , අනධ්‍යයන කාර්ය මණ්ඩලයක්, ආදි ශිෂ්‍ය සංගමයක් , දෙමාපියන් හා සම්පත් පුද්ගලයන් සමුදායක් අප පාසල වටා ඒකරාශී වී සිටීම ඉතා ප්‍රශංසනීයයි. අතීතයෙහි මෙන් ම වර්තමානයේ  ද අති දුෂ්කරතා මැද අපේ දරුවෝ විෂය සාධනය මෙන් ම  , විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් තුළින් ස්වකීය දස්කම් පෙන්වමින් විදුහලේ කීර්තිනාමය බැබළවීමට උරදෙති.

 

            ඉහත සඳහන් කළ විවිධ පාර්ශවකරුවන්ගේ සහයෝගය ලබා ගනිමින් ශ්‍රී ලාංකේය අනන්‍යතාවය පිළිබිඹු කරන දරුවකු බිහිකිරීම සඳහා පාසල තුළ ක්‍රියාත්මක වන සැලසුම්කරණ ක්‍රියාවලිය මහත් පිටුවහලක් සපයනු ලබයි.

 

වැලිපිටිය අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් අතර ඉහළ කීර්තිනාමයක් ලබාගෙන අකුරැස්ස කලාපයේ ජනප්‍රිය පාසලක් වීම අපගේ ඒකායන ප්‍රාර්ථනයයි.අප විද්‍යාලයේ උන්නතිය සඳහා සහයෝගය දුන් අකුරැස්ස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් ,වැලිපිටිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට හා අවට පාසල්වල විදුහල්පතිවරුන්ටත්,  නියෝජ්‍ය විදුහල්පති  එස්. එම්. ප්‍රේමරත්න මහතා සමස්ත ආචාර්ය මණ්ඩලයටත්, අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත් ,දෙමාපියන්ට සහ දරු දැරියන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාවටත් මාගේ හදපිරි ප්‍රණාමය පුද කර සිටිමි.

                                                                                   

                                                                                                                                       

   විදුහල්පති 

 මාර/උඩුකාව ක.වි.

 

 

 

 

 

 

 

Udukawa K.V.

උඩුකාව කනිෂ්ඨ විද්‍යාලය

Akuressa Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය මාර/උඩුකාව ක.වි. , උඩුකාව , දෙනිපිටිය.
  • දුරකථන(+94) 0718194457

Supported By

© 2026 Udukawa K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk