සව්සිරියෙන් පිරි උඩුකාවේ - අපේ කණිටු විදුහල් මාතා
සැරදේ ලකබර ජය ධජ නංවා
සිසු අප හදවත් එඩිය වඩා ....//
දුසිරිත පිටු දකිනා - සුසිරිත නිති රකිනා.....//
යහපත් පුරවැසියන් වෙමු අපි සැම.
දෙස බස රැස රකිනා
සව් සිරියෙන් පිරි උඩුකාවේ............
සිප්සත නිති දෙවනා -ගුරු දෙවිවරුන් අපේ ...//
සමරමු හද බැති කුසුම් පුදාලා - සුභ ආසිරි පතලා
සව් සිරියෙන් පිරි උඩුකාවේ............
විදුහල් මෑණියගේ -රකිනා ගරු නාමේ ....//
දූ දරුවන් වී සනසමු ලක් මව - පාසල් ධජ සෙවනේ
සව් සිරියෙන් පිරි උඩුකාවේ............