අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස කලාපයේ වැලිපිටිය කොට්ඨාසයේ උඩුකාව ග්‍රාමයේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 1 සිට 11 ශ්‍රේණිය දක්වා අධයාපනය ලබා දෙන අප පාසල ඉතා අවම පහසුකම් යටතේ උසස් අධ්‍යාපන මට්ටමක් සිසුන් වෙත ලබා දීමට යත්න දරන පාසලකි.






